2 ලේකම් 18:31 - Sinhala New Revised Version31 රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක. පරිච්ඡේදය බලන්න |
ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.
එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”