Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 16:14 - Sinhala New Revised Version

14 ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගෙන තිබූ ඔහුගේ ම සොහොන් ගෙයි ඔහු තැන්පත් කළෝ ය. තවද, තෛල සංයෝගකරුගේ ශාස්ත්‍රය අනුව පිළියෙළ කළ නොයෙක් ආලේපනයෙන් සහ සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූ පසු ඔව්හු ඔහුගේ ගෞරවය පිණිස ඉමහත් ගිනිමැලයක් දැල්වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගෙන තිබූ ඔහුගේ ම සොහොන් ගෙයි ඔහු තැන්පත් කළෝ ය. තවද, තෛල සංයෝගකරුගේ ශාස්ත්‍රය අනුව පිළියෙළ කළ නොයෙක් ආලේපනයෙන් සහ සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූ පසු ඔව්හු ඔහුගේ ගෞරවය පිණිස ඉමහත් ගිනිමැලයක් දැල්වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 16:14
14 හුවමාරු යොමු  

එම රෝගය කලක් පැවතිණි. දෑවුරුද්දක් පසු වූ කල, ඒ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේ ය. ඔහු ද දරුණු රෝග වේදනාවෙන් මළේ ය. ඔහුගේ පියවරුන්ගේ ගෞරවය ලෙස ගිනි මැලයක් දැල් වූ පරිදි ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනි මැලයක් නොදැල් වූ හ.


පසුව ඔහු තම සේවක වෙදැදුරන්ට තම පියාගේ මළමිනිය නොදිරන පිණිස බෙහෙත් ගැල්වීමට අණ කෙළේ ය. වෙදැදුරෝ එය ඉටු කළහ.


නුඹ සාමදානයෙන් මැරෙන්නෙහි ය; නුඹට කලින් සිටි නුඹේ මුතුන්මිත්තන් වූ රජවරුන් භූමදාන කොට, සෙනඟ සුවඳ දුම් ඇල්ලුවාක් මෙන් නුඹටත් එසේ ම කර, ‘අහෝ ස්වාමීනි’ කියා විලාප කියනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”


සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියා ද ජාකොබ්ගේ මව වූ මරියා ද සලෝමි ද ගොස්, උන් වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.


“නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද?


මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.


ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙ වන රථයට නංවාගෙන ජෙරුසලමට ආවෝ ය. ඔහු මියගිය පසු තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් කරන ලද්දේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද ජොෂියා ගැන වැළපුණාහ.


එනම්, ‘මාගේ පියා මට කතා කොට, මෙන්න, මාගේ අවසානය ළඟ ය, කානාන් දේශයේ මා සඳහා මා කැණූ සොහොන් බිම මා භූමදාන කළ යුතු ය’ කියා මා දිවුරෙව්වේ ය. දැන් ඉතින්, මාගේ පියා භූමදාන කරනු පිණිස මා යන්න හරින්න; මම ආපසු එන්නෙමි”යි කී ය.


ඔවුන් අතරෙන් සියලු නිර්භීත මනුෂ්‍යයෝ නැඟිට මුළු රෑ බෙත්ෂාන්ට ගමන් කොට පවුරෙන් සාවුල්ගේ මළකඳ ද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන් ද ජාබෙෂ්ට ගෙන අවුත් එහි දී ඒවා ආදාහන කළහ.


එහෙත්, ආසා මියගියේ ය. ඔහු මියගියේ, තමා රජ කළ සතළිස්එක් වන අවුරුද්දේ දී ය.


ඔව්හු අසාහෙල් රැගෙන බෙත්ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි තැන්පත් කළෝ ය. ජෝවාබ් ද ඔහුගේ සෙනඟ ද මුළු රාත්‍රියේ ගමන් කර එළි වන විට හෙබ්‍රොන් නගරයට පැමිණියහ.


හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්