Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 16:12 - Sinhala New Revised Version

12 ආසා රජකම් කළ තිස්නව වන අවුරුද්දේ දී ඔහුගේ පාදවල රෝගයක් විය; ඒ රෝගය තදබල විය. එහෙත්, ඔහු තමාගේ රෝගයේ දී සමිඳාණන් වහන්සේ නොව වෛද්‍යවරුන් සෙවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ආසා රජකම් කළ තිස්නව වන අවුරුද්දේ දී ඔහුගේ පාදවල රෝගයක් විය; ඒ රෝගය තදබල විය. එහෙත්, ඔහු තමාගේ රෝගයේ දී සමිඳාණන් වහන්සේ නොව වෛද්‍යවරුන් සෙවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ආසාගේ රජකම්කිරීමේ තිස්නවවෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය; ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමීන්වහන්සේ නොව වෙදුන් සෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 16:12
15 හුවමාරු යොමු  

පසුව ඔහු තම සේවක වෙදැදුරන්ට තම පියාගේ මළමිනිය නොදිරන පිණිස බෙහෙත් ගැල්වීමට අණ කෙළේ ය. වෙදැදුරෝ එය ඉටු කළහ.


ඒ නිසා උන් වහන්සේ ඔහු නසා, රජකම අහක් කොට ජෙස්සේගේ පුත් දාවිත්ට එය දුන් සේක.


එහෙත්, ආසා මියගියේ ය. ඔහු මියගියේ, තමා රජ කළ සතළිස්එක් වන අවුරුද්දේ දී ය.


මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය.


මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේ දී තව තවත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළේ ය.


ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය. ඔබ කවුරුත් කූට වෙද්දු ය.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.


ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.


ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.


උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත.


ජේසුස් වහන්සේ ඒ අසා, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.


ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය.


අපේ හිතවත් ලූක් නම් වෛද්‍යවරයා ද දේමස් ද ඔබට ආචාර කරති.


මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්