Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:17 - Sinhala New Revised Version

17 අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 අබියාද ඔහුගේ සෙනඟද මහත් මැරීමකින් ඔවුන් මැරුවෝය. තෝරාගත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පන්ලක්ෂයක් මැරුම්කා වැටුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:17
9 හුවමාරු යොමු  

අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?


උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති.


ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.


රෙමලියාගේ පුත් පෙකා බලවන්තයන් ව සිටි එක්ලක්ෂ විසිදහසක් එක දවසේ ජුදාහි දී මැරුවේ ය. මෙසේ වූයේ, ඔවුන් තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා ය.


මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.”


එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය.


එවිට ඉශ්රායෙල්වරු ජුදාවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය. දෙවියන් වහන්සේ ඔවුන් ජුදාවරුන් අතට පාවා දුන් සේක.


මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්