Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 9:20 - Sinhala New Revised Version

20 තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 තුන් දවසකට පළමුවෙන් නැතිවූ නුඹේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්‍රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? නුඹ උදෙසාත් නුඹේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 9:20
11 හුවමාරු යොමු  

ඔහුට කතා කොට, “ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ.


“මෙන්න, ඔබ තෝරාගත්, ඔබ ඉල්ලූ රජතුමා දෙස බලන්න. සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි රජ කෙනෙකු පත් කළ සේක.


දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය.


ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න.


බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.


තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි.


එහෙත්, ඔබ හැම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසන්නහු නම්, උන් වහන්සේ ඔබේ රජතුමාටත්, ඔබටත් විරුද්ධ ව සිටින සේක.


එහෙත්, සෙනඟ සාමුවෙල් කී දේට සවන් නොදී, “නැත. අපටත් රජ කෙනෙකු ඕනෑ ම ය.


ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කතා කොට, “බිය නොවන්න; ඔබ පුත්‍රයෙකු ලැබුවෙහි යැ”යි කීවෝ ය. එහෙත්, ඈ පිළිතුරු දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත.


සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.


සාවුල් පිළිතුරු දෙමින්, “කොටළුවන් සම්බ වූ බව ඔහු පැහැදිලි ලෙස දැන්නුවේ ය”යි තම බාප්පාට කීවේ ය. එහෙත්, රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්