Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 4:20 - Sinhala New Revised Version

20 ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කතා කොට, “බිය නොවන්න; ඔබ පුත්‍රයෙකු ලැබුවෙහි යැ”යි කීවෝ ය. එහෙත්, ඈ පිළිතුරු දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කතා කොට, “බිය නොවන්න; ඔබ පුත්‍රයෙකු ලැබුවෙහි යැ”යි කීවෝ ය. එහෙත්, ඈ පිළිතුරු දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කථාකොට: භයනොවන්න; නුඹ පුත්‍රයෙකු බිහිකළායයි ඈට කීවෝය. නුමුත් ඈ උත්තර දුන්නේවත් සැලකුවේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:20
5 හුවමාරු යොමු  

ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණි කල, ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඈට දුක් වේදනා ඇති වේ. එහෙත් ඈ දරුවා බිහි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා, වේදනාව අමතක කරන්නී ය.


විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.


ඔව්හු බෙතෙල් සිට නික්ම ගියහ. එහෙත් ඔවුන් එප්‍රාත් නම් ස්ථානයට පැමිණෙන්නට මඳක් දුර තිබිය දී, රාකෙල්ට ප්‍රසව වේදනා ඇති වී, එය උග්‍ර විය.


ඒලීගේ ලේලී යන පිනේහාස්ගේ බිරිඳ ගැබ්ගෙන දරුවෙකු ලබන්නට ආසන්න ව සිටියා ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ බවත්, ඇගේ මාමණ්ඩිය ද ස්වාමි පුරුෂයා ද මැරුණ බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනාව හටගෙන ඈ නැඹුරු වී දරුවා බිහි කළා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්