Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:9 - Sinhala New Revised Version

9 මෙසේ කී පසු දාවිත්ගේ තරුණයෝ පිටත් ව ගොස්, ඔහු කී පණිවුඩය ඔහුගේ නාමයෙන් නාබල්ට සැළ කර එහි නතර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මෙසේ කී පසු දාවිත්ගේ තරුණයෝ පිටත් ව ගොස්, ඔහු කී පණිවුඩය ඔහුගේ නාමයෙන් නාබල්ට සැළ කර එහි නතර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 දාවිත්ගේ යෞවනයෝ ගොස් ඒ සියලු වචනවල ප්‍රකාරයට දාවිත්ගේ නාමයෙන් කථාකර නැවැත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:9
5 හුවමාරු යොමු  

ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.


ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, “එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ‍ ය.


සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි.


ඒ ඔබේ සේවකයන්ගෙන් ඔබ විමසුවොත් ඔවුන් ඒ බව ඔබට කියනු ඇත. ඒ නිසා අපට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා! මන්ද, අපි මංගල අවස්ථාවකට එළඹ සිටිමු. මෙහෙකරුවන්ටත්, ඔබේ පුත් දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමු’යි කියන්න.”


නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්