Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:3 - Sinhala New Revised Version

3 ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:3
15 හුවමාරු යොමු  

නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.


කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.


දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.


ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.


ඒ නිසා දැන් ඔබ ඒ කරුණු දැනගෙන කුමක් කටයුතු දැ යි කල්පනා කළ මැනව. මන්ද, අපේ ස්වාමියාටත්, ඔහුගේ මුළු පවුලටත් විරුද්ධ ව අනතුරක් කිරීමට නියම කර ඇත. අපේ ස්වාමියා කොතරම් දුර්ජනයෙක් ද කීවොත්, ඔහු සමඟ කිසිවෙකුට කතා කරන්නට නොහැකි ය.”


අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.


සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය.


නාබල් තම බැටළුවන්ගේ ලොම් කප්පන බව කාන්තාරයේ දී දාවිත්ට සැළ විය.


ඔහු මිසරයට සමීප වූ කල සිය බිරිඳ වන සාරයි අමතා, “මට සවන් දෙන්න, ඔබ කෙතරම් සුරූපී කාන්තාවක් දැ යි මම දනිමි.


මාගේ ස්වාමීනි, නාබල් නම් ඒ දුර්ජන මිනිසා ගැන නොසැලකුව මැනව. ඔහුගේ නාමය යම් සේ ද, ඔහුගේ ගතියත් එසේ ම ය; ඔහුගේ නම නාබල් ය. එහි තේරුම අනුව ඔහු තිරිසනෙකි; මාගේ ස්වාමීන් වන ඔබ විසින් එවන ලද තරුණයන් ඔබේ මෙහෙකාරී වන මම නුදුටිමි.


ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි; නුවණින් ක්‍රියා කරන බිරිඳ දෙවි තුම දෙන දීමනාවකි.


එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්