Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 24:21 - Sinhala New Revised Version

21 ඒ නිසා මට පසුව එන මාගේ වංශය ඔබ විසින් සිඳ දමනු නොලබන ලෙසත්, මාගේ පිය වංශයෙන් මාගේ නාමය නැති කර නොදමනු ලබන ලෙසත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඒ නිසා මට පසුව එන මාගේ වංශය ඔබ විසින් සිඳ දමනු නොලබන ලෙසත්, මාගේ පිය වංශයෙන් මාගේ නාමය නැති කර නොදමනු ලබන ලෙසත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඒ නිසා මට පසුව මාගේ වංශය නුඹ විසින් සිඳ නොදමන ලෙසත් මාගේ පිය වංශයෙන් මාගේ නම නැතිකරනොදමන ලෙසත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 24:21
9 හුවමාරු යොමු  

එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය.


ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී.


තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.


සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.


ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය.


ඔබේ මෙහෙකාරීගේ වරදට කමා වුණ මැනව. මාගේ ස්වාමියා වන ඔබ සමිඳාණන් වහන්සේගේ යුද්ධ කරන බැවින් සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ස්ථිර වංශයක් නංගවා දෙන සේක් ම ය. ඔබ ජීවත් ව සිටින මුළු කාලයේ දී ඔබ අත කිසි නපුරක් දකිනු නොලබන්නේ ය.


සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබ ගැන වදාළ සියලු යහපත්කම් ඉෂ්ට කර, ඔබ ඉශ්රායෙල්වරුන් කෙරෙහි අධිපතියා වශයෙන් පත් කළ කල්හි


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්