Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:3 - Sinhala New Revised Version

3 දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ මට ප්‍රේම කරන බව පියා හොඳාකාරයෙන් දන්නේ ය. ඒ නිසා ඔබේ සිත නොරිදවන පිණිස ඔහු මට කරන්න යන දෙය ඔබෙන් සඟවා ඇත. සැබැවින් ම මාත්, මරණයත් අතරේ ඇත්තේ එක මොහොතක් පමණ යයි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද ඔබට දිවුරා කියමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ මට ප්‍රේම කරන බව පියා හොඳාකාරයෙන් දන්නේ ය. ඒ නිසා ඔබේ සිත නොරිදවන පිණිස ඔහු මට කරන්න යන දෙය ඔබෙන් සඟවා ඇත. සැබැවින් ම මාත්, මරණයත් අතරේ ඇත්තේ එක මොහොතක් පමණ යයි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද ඔබට දිවුරා කියමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 දාවිත්ද තවත් දිවුරමින්: නුඹ මට කරුණාව ඇති බව නුඹේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, නුඹේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:3
18 හුවමාරු යොමු  

එලියා ද කතා කොට, “සමිඳාණන් වහන්සේ මා ජොර්දානට යවන නිසා මෙහි නවතින්නැ”යි ඔහුට කී ය. ඔහු උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. එවිට ඒ දෙදෙනා ම යන්න ගියහ.


දාවිත්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් ඇති විය: “යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ ය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවී යාම මිස වෙන හොඳ විධියක් මට නැත. එවිට සාවුල් මුළු ඉශ්රායෙල් දේශය පුරා තවදුරටත් මා සොයා යෑමෙන් මත්තට වළකිනු ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවී යෑමට මට පුළුවන් වන්නේ ය.”


දැන් මාගේ ස්වාමීනි, ලේ වැගිරීමේ අපරාධයෙන් ද ඔබේ ම අතින් පළිගැනීමෙන් ද සමිඳාණන් වහන්සේ ඔබ වැළැක්වූ සේකැ යි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි. එබැවින් ඔබේ සතුරෝ ද මාගේ ස්වාමියා වන ඔබට අන්තරා කරන්නට සොයන්නා ද නාබල් මෙන් තිරිසන්නු වෙත් වා.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතු ය. උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.


එලියා, ඔහුට කතා කොට, “එලිෂා, මෙහි නවතින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මා ජෙරිකෝවට යවන සේකැ”යි කීවේ ය. ඔහු ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු ජෙරිකෝවට ආ හ.


එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය. එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය.


ඈ ඒලී අමතා, “අනේ ස්වාමීනි, මට සමා වන්න. වරක් ඔබ ළඟ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි.


සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.


එවිට ශෙදෙකියා රජ, “මා ඔබ මරන්නේ වත්, ඔබේ ප්‍රාණය හානි කරන්නට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවා දෙන්නේ වත් නැතැ යි අපට දිවි දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි ජෙරමියාට රහසින් දිවුරුම් දුන්නේ ය.


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.


ඉත්තයි රජුට උත්තර දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිටින්නේ යම් තැනක ද, එතැන ම මැරෙන්නට හෝ ජීවත් වන්නට හෝ ඔබේ මෙහෙකරුවා සිටින්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි කී ය.


දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, “අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.


ඔබේ ජීවිතය ගැන ඔබට සැක පහළ වනු ඇත. දිවා රෑ බියට පත් වෙමින් ජීවිතය ගැන අවිශ්වාසයක් වනු ඇත.


ජොනතන් පිළිතුරු දෙමින්, “එවැන්නක් සිද්ධ නොවේ වා! ඔබ නොනසින්නෙහි ය. මාගේ පියා මට නොදන්වා ලොකු හෝ කුඩා හෝ කිසි දෙයක් නොකරන්නේ ය. එබැවින් මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්න වුවමනාවක් තිබේ ද? ‘මාගේ පියා ඔබ මරන්නට ඉන්නේ ය’ යන කීමේ සත්‍යයක් නැතැ”යි කීවේ ය.


ජොනතන් ද, “ඔබ කැමැති කොයි දෙයක් වුවත් ඔබ උදෙසා කරන්නෙමි”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්