Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 2:5 - Sinhala New Revised Version

5 කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 තෘප්තිමත්ව සිටියෝ ආහාර ලබන පිණිස කුලීවැඩ කරති. බඩගිනිව සිටි අය එයින් මිදුණෝය. එසේය, වඳ ස්ත්‍රී සත්දෙනෙකු බිහිකළාය: බොහෝ දරුවන් ඇත්තී පිරිහෙන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 2:5
11 හුවමාරු යොමු  

සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.


එතුමාණෝ වඳ ස්ත්‍රිය දරුවන් ඇති ප්‍රීතිමත් මවක කරන සේක; ඈට නිවෙසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


දරුවන් හත්දෙනෙකු වැදූ මව දුර්වල වී ක්ලාන්ත වූවා ය. ඇගේ එළිය දවාලෙහි ම අඳුරට හැරී ඇත. ඈ ලජ්ජාවටත්, නින්දාවටත් පත් වූවා ය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේ දී කඩුවට භාර දෙන්නෙමි. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.


එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙ‍හි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය.


“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.


සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණු බැවින්, ඇගේ විරුද්ධකාරී ඈ කෝප කරවන පිණිස ඈට නින්දා කළා ය.


ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.


ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.”


ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේ දී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන, පුතුන් හත්දෙනකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලී ඒ දරුවා ලබා ඇතැ”යි කීවෝ ය.


දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්