Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 2:28 - Sinhala New Revised Version

28 පූජාසනය මත පූජා ඔප්පු කරන පිණිස ද සුවඳ දුම් ඔප්පු කරන පිණිස ද මා ඉදිරියෙහි දාදු කරඬුව දරන පිණිස ද මාගේ පූජකයන් ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මම ඒ වංශය තෝරා නොගතිම් ද? ඉශ්රායෙල්වරුන් විසින් ඔප්පු කරන ලද සියලු දවන යාග පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 පූජාසනය මත පූජා ඔප්පු කරන පිණිස ද සුවඳ දුම් ඔප්පු කරන පිණිස ද මා ඉදිරියෙහි දාදු කරඬුව දරන පිණිස ද මාගේ පූජකයන් ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මම ඒ වංශය තෝරා නොගතිම් ද? ඉශ්රායෙල්වරුන් විසින් ඔප්පු කරන ලද සියලු දවන යාග පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 2:28
26 හුවමාරු යොමු  

එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: “ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි.


දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.


“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.


ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි.


දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය.


සවස ඔහු පහන් දල්වන විට ද සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය. නුඹේ සෑම පෙළපතක් මඟින් ම එය නොකඩවා ඉටු කළ යුතු සුවඳ දුම් පූජාවක් විය යුතු ය.


ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.


ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.


ඉන්පසු එහි ඉතිරි කොටස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධ තැනක නුමුහුන් රොටි මෙන් සාදා වැළඳිය යුතු ය.


සහභාගිකමේ පූජාවේ විශේෂ පඬුරක් වශයෙන් සතාගේ දකුණු ගාතය නුඹ පූජකවරයාට දිය යුතු ය.


මෝසෙස් ඔවුන් ආලේප කරන දවසේ දී ඉශ්රායෙල් ජනයා ඔවුන්ට දිය යුතු ලෙස සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ දේ මේ ය. තවද, මෙය ඔවුන්ගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.


ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.


“ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිඳාණන් වහන්සේ වන මම නුඹත්, නුඹේ පෙළපතත් සමඟ ගිවිසගත් සදහට ම වලංගු වන හෙවත් නොකැඩෙන ගිවිසුමක් ය.”


ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ.


ළමා වියෙහි සිටි සාමුවෙල් හණ ඒපොද් සැට්ටයක් ඇඳගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවය කරමින් සිටියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්