Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 13:5 - Sinhala New Revised Version

5 පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 13:5
21 හුවමාරු යොමු  

මෙසේ සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඉශ්රායෙල්වරුන් ගැළෙවු සේක. යුද්ධය ද බෙත්-ආවන් ඉක්මවා පැතුරුණේ ය.


එවිට ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ඉතා විශාල ජන සංබ්‍යාවක් වන තමන්ගේ සියලු සේනාවන් සමඟ පැමිණියෝ ය. ඔව්හු අශ්වයන් සහ රථ වාහන ඉතා මහත් ගණනාවක් ඇති ව පිටත් ව ආවෝ ය.


උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව ජොර්දානෙන් පටන්ගෙන ජෙරිකෝවට උතුරු පැත්තෙන් නැඟී, කඳු රට මැදින් බස්නාහිරට ගොස්, බෙතාවන්හි පාළුකරය ළඟ දී කෙළවර වුණේ ය.


“සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.


“ගිබියාහි හොරණෑවක් ද රාමාහි නළාවක් ද පිඹින්න. බෙත්-ආවෙන් ‍හි යුද්ධ ඝෝෂා නඟන්න. අහෝ! බෙන්ජමින් සෙනඟෙනි, සතුරා ඔබ පස්සේ ය.


“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.


මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි.


නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය. ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.”


දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක.


මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග සියලු වැසියෝ ද පළඟැටි සමූහයක් මෙන් විශාල ගණනක් මිටියාවතේ පැතිර සිටියෝ ය. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල ගණනක් වූ හ.


ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය.


මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.


තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්‍රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි.


මෙසේ පිලිස්තිවරු පරාජය වී ඉශ්රායෙල් දේශයේ සීමාවට ඇතුළු නො වූ හ. සාමුවෙල්ගේ මුළු ජීවිත කාලය තුළ සමිඳාණන් වහන්සේගේ බාහු බලය පිලිස්තිවරුන්ට විරුද්ධ ව පැවතුණේ ය.


සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය.


සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි.


පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.


ඒ නිසා මා ඔබට දෙන අවවාදය නම් මෙය යි. දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා, සිටින, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් විශාල සංබ්‍යාවක් වන සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත රැස් වන තෙක් සිට, ඔබ ම පෞද්ගලික ලෙස සටනට යන්න.


ඉශ්රායෙල් ජනයා ද රැස් කරනු ලැබ, සන්නාහ සන්නද්ධ වී ඔවුන්ට විරුද්ධ ව ගියහ. ඉශ්රායෙල් ජනයා කුඩා එළු පට්ටි දෙකකට සමාන ව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියහ. එහෙත්, සිරියාවේ වැසියන්ගෙන් දේශය පිරී තිබිණි.


“සතුරෝ අයාත් නගරයට පැමිණ මිග්‍රෝන් මැදින් ගියෝ ය. ඔවුහු තමන්ගේ බඩුමුට්ටු මික්මාෂ්හි තැබුවෝ ය.


සාවුල්ගේ මුළු ජීවිත කාලයේ දී ම පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු යුද්ධ පැවතුණේ ය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු රාජ සේවය සඳහා පත් කරගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්