Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 12:20 - Sinhala New Revised Version

20 එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: “බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: “බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 සාමුවෙල් සෙනඟට කථාකොට: භයනොවන්න. නුඹලා ඇත්තෙන්ම මේ මුළු වැරුද්ද කළහුය. එහෙත් ස්වාමීන්වහන්සේ අනුව යාම අත්නොහැර නුඹලාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේට සේවයකරන්න; අහක්ව නොයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:20
15 හුවමාරු යොමු  

“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි.


එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව. ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!


පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.


නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට නුඹලා වැඳුම්පිදුම් කළ යුතු ය. මම ආහාර පාන දී නුඹලාට ආශීර්වාද කරමින්, නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි.


පසු දින මෝසෙස් සෙනඟ අමතමින්, “ඔබ දරුණු පාප අපරාධයක් කළහු ය. දැන් මම සමිඳාණන් වහන්සේ වෙත කන්දට නගිමි. ඇතැම් විට ඔබට පව් කමාව ලබා දෙන්න මට හැකි වන්නේ ය”යි කී ය.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.


නුඹලා මිසරයෙන් පිට වී ආ කල මම නුඹලා සමඟ නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත්, නුඹලා සමඟ ය. ඒ නිසා බිය නොවන්න.


“දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,


එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න.


මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”


එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.


එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත.


ඔව්හු සාමුවෙල් අමතා, “අප නොනසින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤා කළ මැනව; මන්ද, රජෙකු ඉල්ලීමේ වරද අපේ අනික් සියලු පාපවලට අප එකතු කර ඇතැ”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්