Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 11:9 - Sinhala New Revised Version

9 ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, “ ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, “ ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට නුඹලාට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 11:9
7 හුවමාරු යොමු  

දාවිත් ජාබෙෂ්-ගිලියද් මිනිසුන් වෙත පණිවුඩයක් යවමින් මෙසේ කීවේ ය: “ඔබේ ස්වාමියා වූ සාවුල්ට ඔබ පක්ෂපාත ව සිට ඔහු තැන්පත් කළ බැවින් සමිඳාණන් වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේ වා!


සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ.


එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක. එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි.


තවදුරටත් ඔව්හු කතා කරමින්, “ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිශ්පාහි සමිඳාණන් වහන්සේ ඉදිරියට නොපැමිණියේ කවුරු දැ”යි ඇසූ හ. ජාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙකු රැස්වීමට සහභාගි වන පිණිස කඳවුරට නොපැමිණි බව දැනගත්තෝ ය.


එබැවින් ජාබෙෂ්හි සෙනඟ, “හෙට අපි ඔබට යටත් වන්නෙමු, එවිට ඔබ කැමැති ඕනෑ ම දෙයක් අපට කරන්නට පුළුවනැ”යි නාහාෂ්ට කීවෝ ය.


සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය.


පිලිස්තිවරුන් සාවුල්ට කළ දේ ගැන ජාබෙෂ්-ගිලියද් වැසියන් ඇසූ කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්