Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:5 - Sinhala New Revised Version

5 එහෙත්, ඔහු හන්නාට දෙකොටසක් දුන්නේ ය. එසේ කෙළේ, ඔහු හන්නාට බොහෝ ප්‍රේම කළ බැවිනි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත්, ඔහු හන්නාට දෙකොටසක් දුන්නේ ය. එසේ කෙළේ, ඔහු හන්නාට බොහෝ ප්‍රේම කළ බැවිනි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 නුමුත් හන්නාට ඔහු දෙකොටසක් දුන්නේය. මක්නිසාද ඔහු හන්නාට ආදරේව සිටියේය, නුමුත් ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවා තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:5
9 හුවමාරු යොමු  

එවිට ජාකොබ් ඈ සමඟ කෝපයෙන් දැවී, “මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ්ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ උන් වහන්සේ ය”යි පැවසී ය.


ඔවුන් එක් එක්කෙනාට අලුත් ඇඳුම් කට්ටලයක් බැගින් දුන්නේ ය. එහෙත්, ඔහු බෙන්ජමින්ට රිදී කාසි තුන් සියයක් ද, අලුත් ඇඳුම් කට්ටල පහක් ද දුනි.


එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.


ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.


පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.


“යම් පුරුෂයෙකුට භාර්යාවෝ දෙදෙනෙක් සිටිත් නම්, ඔහු එක් කෙනෙකුට ප්‍රේම කරන්නටත්, අනෙක් තැනැත්තීට ප්‍රේම නොකරන්නටත් පුළුවන. එහෙත්, ප්‍රේමය ලැබූ හා නොලැබූ භාර්යාවන් දෙදෙනා ඔහුගෙන් දරුවන් ලබන විට, ප්‍රේමය නොලැබූ තැනැත්තියගේ දරුවා කුලුඳුලා වේ නම්,


රාකෙල් තමා ජාකොබ්ට දාව දරුවන් නොලැබූ බව දුටු විට ඈ සිය සොහොයුරියට ඊර්ෂ්‍යා කරමින්, ජාකොබ් අමතා, “මට දරුවන් දෙන්න, නැත්නම් මම නසිමි”යි කීවා ය.


සාරයි වඳ ස්ත්‍රියක වූයෙන් ඈට දරුවෙක් නොවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්