Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:20 - Sinhala New Revised Version

20 ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:20
13 හුවමාරු යොමු  

ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.


දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, “මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.


ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් “මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය.


ඔබ දරුවකු පිළිසිඳ ඇත; පුතකු බිහි කරනු ඇත; හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න.


ඔහු එසේ කෙළේ, ‘සමිඳාණන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට, අපගේ වැඩවල දී ද වෙහෙස මහන්සියේ දී ද සහනය ගෙන දෙනු ඇත’ යන අදහසින් ය.


ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.


තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සම්සොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත.


තවද, දෙවියන් වහන්සේ රාකෙල් සිහි කර ඈට සවන් දී, ඈට ගැබ්ගැනීමට සැලැස්සූ සේක.


ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.


මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්