Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:33 - Sinhala New Revised Version

33 මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:33
12 හුවමාරු යොමු  

යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.


තවද, පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටු පාලකයන්, දේව මාලිගාවේ සේවකයන් හා දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ සෙසු සේවකයන් යන කිසිවෙකුගෙන් තීරු බද්ද ද ආදායම් ද සුංගම් ද අය කරන්න තහනම් බව අපි ඔබට දැනුම් දෙමු.


මොවුහු තමන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ජෙරුසලමෙහි වාසය කළෝ ය.


මන්ද, පෙර දාවිත්ගේ ද ආසාප්ගේ ද කාලයේ පටන් ගායකයන්ගේ ප්‍රධානියෙක් සිටියේ ය. එපමණක් නොව දෙවියන් වහන්සේට තුති පැසසුම් ගී ද ගයනු ලැබී ය.


“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්