Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:16 - Sinhala New Revised Version

16 ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 යෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත්‍රවූ ෂෙමයියාගේ පුත්‍රයා වන ඔබදියාය, නෙටොපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත්‍රවූ බෙරෙකියාය දොරටුපාලයෝවූ ෂල්ලුම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:16
11 හුවමාරු යොමු  

යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.


බෙත්ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅටදෙනෙක් ය.


ආසාප්ගේ පුත්‍රයන් වූ ගායකයෝ ද දාවිත්ගේත්, ආසාප්ගේත්, හේමන්ගේත්, රජුගේ දිවැසිවරයා වන ජෙදුතුන්ගේත් ආඥාවේ ප්‍රකාරයට තම තමන්ගේ ස්ථානයෙහි සිටියෝ ය. දොරටු පාලකයෝ එක එක දොරටුවෙහි සිටියෝ ය. තමන්ගේ සේවයෙන් අහක් ව යන්න ඔවුන්ට ඕනෑ කෙළේ නැත. මන්ද, ඔවුන්ගේ සහෝදර වූ ලෙවීවරුන් ඔවුන් උදෙසා ඒවා පිළියෙළ කළ බැවිනි.


මේ සියල්ලෝ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස අත්තල් ද කුඩා වීණා ද මහා වීණා ද සහිත ව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගායනා කිරීමට තම පියා යටතේ සිටියෝ ය. ආසාප් ද ජෙදුතුන් ද හේමන් ද රජු යටතේ සිටියෝ ය.


ජෙදුතුන්ගේ පුත්‍රයන් වූ ගෙදලියා ද ශෙරී ද ජෙෂායා ද හෂබියා ද මත්තිතියා ද ඇතුළු හයදෙනා ය. මොවුහු මහා වීණා නාද කර සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ද, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් ද ජෙදුතුන් යටතේ සිටියෝ ය.


දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:


සිමියොන්ගේ ගෝත්‍රයෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ හත්දාස් එකසියයක් ය.


සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අටාරොත්බෙත්-ජෝවාබ්වරු, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත් ය.


බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය;


දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්