4 අබිෂුවා, නාමාන්, අහෝවා,
4 අබිෂුවා, නාමාන්, අහෝවා;
අහෝහිය ශල්මොන් ය; නෙටෝපාතිය මහරයි ය;
ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය.
ඊළඟට අහෝහිය ජාතික දෝදෝගේ පුත් එලෙයාසර් ය. ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් ය.
බෙලාට පුත්‍රයෝ සිටියෝ ය. එනම්: අද්දාර්, ගේරා, අබිහුද්,
ගේරා, ෂෙපුපාන් සහ හූරාම් ය.