Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 7:21 - Sinhala New Revised Version

21 ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඔහුගේ පුත්‍රයා සාබාද්ය, ඔහුගේ පුත්‍රයා ෂුතෙලාය. ඒ ඇර එසේර් සහ එලෙයාද්ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් ගෙනයන්ට බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:21
6 හුවමාරු යොමු  

එප්‍රායිම්ගේ පුත්‍රයා ෂුතෙලා ය. ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය. ඔහුගේ පුත්‍රයා තාහත් ය. ඔහුගේ පුත්‍රයා එලියාදා ය.


මොවුන්ගේ පිය වූ එප්‍රායිම් ද බොහෝ දවස් වැළපුණේ ය. ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්නට ආවෝ ය.


එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා තමන් ළඟට රැස් කර, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන අප කුමක් කළ යුතු දැ”යි විමසූ හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගාත් නගරයට ගෙන යන්නැ”යි කී හ. ඒ කී ලෙස ඔව්හු ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එහි ගෙන ගියහ.


එවිට ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට යැව්වෝ ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට පැමිණි කල එහි වැසියෝ, “අප ද අපේ සෙනඟ ද නසන්නට ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟට ගෙනවුත් ඇතැ”යි කියමින් මොරගැසූ හ.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින්


මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්