Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 6:39 - Sinhala New Revised Version

39 ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 ඔහුට දකුණෙන් සිටියාවූ ඔහුගේ සහෝදරවූ ආසාප්ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයාගේ පුත්‍රයාය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:39
33 හුවමාරු යොමු  

ගායනාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයන් එකසිය හතළිස්අටදෙනෙක් ය.


ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය.


මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.


අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.


අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය.


මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක.


දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු.


අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද?


මන්ද, පෙර දාවිත්ගේ ද ආසාප්ගේ ද කාලයේ පටන් ගායකයන්ගේ ප්‍රධානියෙක් සිටියේ ය. එපමණක් නොව දෙවියන් වහන්සේට තුති පැසසුම් ගී ද ගයනු ලැබී ය.


යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.


එලිශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ෂිම්රි ද ජෙවුයෙල් ද; ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ද මත්තනියා ද;


ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය.


දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක. දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.


ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.


මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව. මා පවසන වදන්වලට සවන් දුන මැනව.


දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක. ඉශ්රායෙල්වරුන් අතර එතුමන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය.


අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?


සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.


නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ


ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.


ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.


ආසාප්ගේ පුත්‍රයන් වූ ගායකයෝ ද දාවිත්ගේත්, ආසාප්ගේත්, හේමන්ගේත්, රජුගේ දිවැසිවරයා වන ජෙදුතුන්ගේත් ආඥාවේ ප්‍රකාරයට තම තමන්ගේ ස්ථානයෙහි සිටියෝ ය. දොරටු පාලකයෝ එක එක දොරටුවෙහි සිටියෝ ය. තමන්ගේ සේවයෙන් අහක් ව යන්න ඔවුන්ට ඕනෑ කෙළේ නැත. මන්ද, ඔවුන්ගේ සහෝදර වූ ලෙවීවරුන් ඔවුන් උදෙසා ඒවා පිළියෙළ කළ බැවිනි.


හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන ලෙවීය මත්තනියාගේ පුත් ජෙයීයෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජහසියෙල් මත පහළ විය.


දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;


ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශක්කුර් ද ජෝසෙප් ද නෙතනියා ද අසිරේලා ද යන ආසාප්ගේ පුත්‍රයෝ ය. මොවුහු රජුගේ අණ ලෙස ධර්ම වාක්‍ය ගායනා කළා වූ ආසාප් යටතේ සිටියෝ ය.


දාවිත් ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද ලවා සමිඳාණන් වහන්සේට ස්තුති කරවීමට පළමුවෙන් නියම කෙළේ ඒ දවසේ දී ය.


ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයා ය; ඔහු කොහාත්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය; ඔහු ඉශ්රායෙල්ගේ පුත්‍රයා ය.


ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය;


දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:


පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.


ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද මෙහි නම් සඳහන් කරන නගර දෙනු ලැබුවේ


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්