Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 5:2 - Sinhala New Revised Version

2 ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය; නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 5:2
25 හුවමාරු යොමු  

එවිට ජාකොබ් ද, “එසේ නම් කුලුඳුල්කමේ උරුමය අද දින මට විකුණන්නැ”යි කී ය.


ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.


තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.


ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා!


දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.


එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම රජ කෙනෙකු ව සිටීමට ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද, උන් වහන්සේ ජුදා ද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුල ද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට මා පත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක.


ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;


ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;


“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”


පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත.


පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.


‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ “යි ඔහුට කී හ.


මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය.


තමා ප්‍රේම නොකළ තැනැත්තීගේ පුත්‍රයාට තමා සතු වස්තුවෙන් කොටස් දෙකක් දී, ඔහු කුලුඳුලා මෙන් පිළිගත යුතු වේ. මන්ද, ඒ කුලුඳුලා ඔහුගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය වේ. එබැවින් කුලුඳුල් බවේ අයිතිය ඔහුගේ ය.”


ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”


මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත.


එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.


එවිට එක් කුලදෙටුවෙක් මට කතා කර, “නාඬන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිත්ගේ පෙළපතින් පැවත එන ජුදා ගෝත්‍රයේ සිංහයාණෝ දිනාගත්හ”යි මට කී ය.


සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.


මෙසේ ජෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකු සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්සුවේ ය. සාමුවෙල් ද, “මොවුන් එක් කෙනෙකු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි ජෙස්සේට කී ය.


එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්