Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 3:17 - Sinhala New Revised Version

17 හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්‍රයෝ නම්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්‍රයෝ නම්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 හිරකාරවූ යෙකොනියාගේ පුත්‍රයෝ නම්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 3:17
7 හුවමාරු යොමු  

ඒ අවස්ථාවේ දී ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝ ද ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ඔහුගේ සහෝදරයෝ ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස, දවන යාග පූජා ඔප්පු කරන පිණිස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනැඟීමට පටන්ගත්හ.


බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද,


එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.


ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය.


ජෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ජෙකොනියා සහ ඔහුගේ පුත් ශෙදෙකියා ය.


ඔහුගේ පුත් ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, ජෙකමියා, හෝෂාමා සහ නෙදබියා ය.


‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්