Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 3:12 - Sinhala New Revised Version

12 ඔහුගේ පුත්‍රයා අමශියා ය; ඔහුගේ පුත්‍රයා අසරියා ය; ඔහුගේ පුත්‍රයා ජෝතාම් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔහුගේ පුත්‍රයා අමශියා ය; ඔහුගේ පුත්‍රයා අසරියා ය; ඔහුගේ පුත්‍රයා ජෝතාම් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 3:12
12 හුවමාරු යොමු  

අමශියා විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙහෝයද්දාන් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.


උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය.


එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය.


ඉශ්රායෙල් රජු වන ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ්ගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෙහෝවාෂ්ගේ පුත් අමශියා රජ විය.


ජෝතාම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.


එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් වන උශ්ශියා තෝරාගෙන ඔහුගේ පිය වූ අමශියා වෙනුවට ඔහු රජකමට පත් කළෝ ය.


රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.


සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.


ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා අහසියා ය; ඔහුගේ පුත්‍රයා ජෝවාෂ් ය;


ඔහුගේ පුත්‍රයා ආහාස් ය; ඔහුගේ පුත්‍රයා හෙසකියා ය; ඔහුගේ පුත්‍රයා මනස්සේ ය;


ඔහු මියගිය පසු දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්