Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

1 ලේකම් 29:4 - Sinhala New Revised Version

4-5 එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

Sinhala Revised Old Version

4 එනම් ගෘහවල භිත්ති වසාලන පිණිසද, රන් වැඩවලටත් රිදී වැඩවලටත් කර්මාන්තකාරයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චිකරන පිණිසද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

1 ලේකම් 29:4
7 හුවමාරු යොමු  

ඔව්හු ඕපීර් නම් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් දාහතරදාහක් සලමොන් රජු වෙත ගෙනාහ.

මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.

එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.

තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි.

එක රිදී බඳුනක බර කිලෝග්‍රෑම් එකහමාරක් ද, එක රිදී තැටියක බර ග්‍රෑම් අටසියයක් ද වූයෙන් රිදී භාණ්ඩ සියල්ලේ බර කිලෝග්‍රෑම් විසිහතයි දශම හයක් විය.

ඕපීර් ද හවීලා ද ජෝබාබ් ද උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්