Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 29:18 - Sinhala New Revised Version

18 අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 අපේ පියවරුන්වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ අදහස හා කල්පනා ඔබගේ සෙනඟගේ සිත්වල සදාකාලේටම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නමාගතමැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 29:18
23 හුවමාරු යොමු  

ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි.


සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක.


ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.


අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳාණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා!


චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි; එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.


දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.


සමිඳුනි, පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක; ඔවුන්ට ඔබ දිරිය දෙන සේක.


ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.


‘ මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය; ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය.”


සමිඳුනි, ඔබේ ගැළවීම ගැන උදක් ම බලා සිටිමි. ඔබේ ආඥා ඉටු කෙළෙමි.


“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


ඔබ ඒ රට පදිංචි ව ජීවත් වෙමින් ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන පිණිස උන් වහන්සේ ඔබේ සිතෙන් ද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්වලින් ද පාප මල කපා හරින සේක.


උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.


තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”


තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.


මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට


මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.


ඔබේ ආඥා ද ශික්ෂා ද පණත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”


මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපණත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද!


මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්