Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 28:8 - Sinhala New Revised Version

8 “ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඉතින් නුඹලා මේ හොඳ දේශය භුක්තිවිඳ, නුඹලාට පසුව නුඹලාගේ පුත්‍රයන්ට ඒක සදාකාලේටම උරුමකරදෙන පිණිස, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා පවත්වමින් ඒවා සොයන්නය කියා ස්වාමීන්වහන්සේගේ සභාව වන සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිටද අපේ දෙවියන්වහන්සේට ඇසෙන ලෙසද මම නුඹලාට අවවාදකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 28:8
28 හුවමාරු යොමු  

මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.


සමිඳුන්ගේ පොත කියවා බලන්න; එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය. හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය. එය නියම කළේ සමිඳාණෝ ම ය. සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.


සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.


ඒ නිසා, ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට පෙළවහට දීම වත්, ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන්ට පෙළවහට ගැනීම වත්, ඔවුන්ගේ සාමය හා ශුභසිද්ධිය සෙවීම වත් නොකළ යුතු ය. මෙසේ ඔබ බලවත් ව සිට, දේශයේ සරු පලදාව භුක්ති විඳ, එය සදහට ම ඔබේ දරුවන්ට උරුම කර දෙන්නහු ය.


“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.


එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ.


එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.


මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න.


මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි.


අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.


අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙහි සිටින ඔබ සමඟත්, අද දින මෙහි නැති අය සමඟත් උන් වහන්සේ ගිවිසුම කරන සේක.


“අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද


මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.


ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.


ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.


අද දවසේ මෙන් ඔහු මාගේ ආඥා ද විනිශ්චයයන් ද රක්ෂා කරමින් ස්ථිර ව සිටියොත්, ඔහුගේ රජකම සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක.


“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතු ය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතු ය.”


ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”


මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැටුව සෙනඟට මෙසේ කී ය: “අද දින මා ඔබට නියම කළ සියලු අණපණත් පිළිපදින්න.


ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්