Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 27:27 - Sinhala New Revised Version

27 මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 මිදිවතු කෙරෙහි රාමාතිය ෂිමෙයි පත්ව සිටියේය. මිදිවතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය සබ්දී පත්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 27:27
8 හුවමාරු යොමු  

පාරාවෝ රජ කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා යන මේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධ ව කිපී,


ගොවිතැන් කිරීමට කෙත්වල වැඩ කළවුන් කෙරෙහි කෙලුබ්ගේ පුත් එස්රී පත් ව සිටියේ ය.


පාත රටේ තිබුණු ඔලීව ගස් ද අත්තික්කා ගස් ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත් ව සිටියේ ය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත් ව සිටියේ ය.


ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.


මම උදාර දේ කෙළෙමි; මම මන්දිර ගොඩනඟා, මිදිවතු වවාගත්තෙමි;


‘පෙරදිග මායිම හශර්-ඒනානෙන් ෂෙපාම් දක්වා ද,


ඔහු සියලු ඉශ්රායෙල්වරුන් එනම්, ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවා, ඔවුන්ට මෙසේ කීවේ ය: “මම මහලු ව, වයෝවෘද්ධ ව සිටිමි.


අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්