Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:31 - Sinhala New Revised Version

31 සබත් දවස්වල දී ද අමාවක දවස්වල දී ද මංගල්‍යවල දී ද ගණනින් නියම ප්‍රකාරයට නිතර ම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සියලු දවන යාග පූජා ඔප්පු කිරීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 සබත් දවස්වල දී ද අමාවක දවස්වල දී ද මංගල්‍යවල දී ද ගණනින් නියම ප්‍රකාරයට නිතර ම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සියලු දවන යාග පූජා ඔප්පු කිරීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 සබත් දවස්වලදීද අමාවක දවස්වලදීද මංගල්‍යවලදීද ගණනින් නියම ප්‍රකාරයට නිතරම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සියලු දවන පූජා ඔප්පුකිරීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:31
11 හුවමාරු යොමු  

ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”


“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා දේශයේ පලදාව රැස්කරගත් පසු, හත් දිනක් ම සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. පළමු වන දවස හා අට වන දවස විවේක ගත යුතු දින විය.


“හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය.


එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.


ඔහු ද, “ඔබ අද ඔහු ළඟට යන්නේ කුමට ද? අද අමාවක වත්, සබත් දිනය වත් නොවේ ය”යි කී ය.


දිනපතා උදේ සවස සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට සිටීමත්,


වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්