Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 22:15 - Sinhala New Revised Version

15 තවද, ශිල්පීන් වන ගල්වඩුවෝ ද ගල් හා ලී වැඩ කරන්නෝ ද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝ ද බොහෝ දෙනෙක් ම ඔබට සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 තවද, ශිල්පීන් වන ගල්වඩුවෝ ද ගල් හා ලී වැඩ කරන්නෝ ද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝ ද බොහෝ දෙනෙක් ම ඔබට සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 තවද කර්මාන්තකාරයෝ වන ගල්වඩුවෝද ගල් හා ලී වැඩ කරන්නෝද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝද බොහෝ දෙනෙක්ම නුඹට සිටිති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 22:15
10 හුවමාරු යොමු  

ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.


තවද, උන් වහන්සේ කැටයම් ශිල්පීන්ගේ ද කලා ශිල්පීන්ගේ ද නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූලින් සහ සිහින් ව කටින ලද හණවලින් මල් වැඩ දමන්නන්ගේ ද වියන්නන්ගේ ද නන්වැදෑරුම් කෘතීන් කිරීමට හැකියාව ඔවුන්ට දානය කළ සේක. ඔවුන්ට සියලු ආකාර කලා වැඩ කිරීමටත්, දක්ෂ ලෙස සැලැස්ම පිළියෙළ කිරීමටත් පුළුවන් විය.


දක්ෂ කලාවන් නිපැයීමටත් ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්,


“ඒපොද් නම් සැට්ටය, රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් ද වැඩ දමා විසිතුරු කර සිහින් ව කටින ලද හණවලින් සෑදිය යුතු ය.


තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.


මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.


ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.


ඉතින් මාගේ පිය දාවිත් සපයා දුන්, ජුදාහිත්, ජෙරුසලමෙහිත් මා ළඟ සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ රන්, රිදී, ලෝකඩ, යකඩ වැඩත්, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වැඩත් වන සියලු ආකාර කැටයම් වැඩ කරන්න දන්න මිනිසෙකු මට එවුව මැනව.


එහෙත්, ස්වර්ගයට ද අති උසස් ස්වර්ගයට ද උන් වහන්සේ දරන්න අවකාශ තිබෙද්දී උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න කවරෙකු හට පුළුවන්කම තිබේ ද? උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීමට මිස, වෙන කුමන හේතුවක් නිසා උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න මම කවරෙක් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්