Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:42 - Sinhala New Revised Version

42 ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 යෙරාමෙයෙල්ගේ සහෝදරවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ, සීප්ගේ පියවූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියවූ මරේෂාගේ පුත්‍රයොත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:42
20 හුවමාරු යොමු  

සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;


මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය.


ගිබියොන්ගේ පිය වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය, ඔහුගේ භාර්යාවගේ නම මයකා ය.


කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝ ය. එනම්; හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් ය.


ඈ මද්මන්නාගේ පියා වූ ෂයප් ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියා වූ ෂෙවා ද ලැබුවා ය. කාලෙබ්ගේ දුව අක්සා ය.


මායොන් ෂම්මයිගේ පුත්‍රයා ය; මායොන් බෙත්-ශුර්ගේ පියා ය.


ශිප්වරු ගිබියාවේ සිටි සාවුල් වෙත පැමිණ, “දාවිත් මරුකතර ඉදිරියේ හකීලා හෙලේ සැඟවී සිටින්නේ ය”යි දැන්නූ හ.


එවිට ශිප් වැසියෝ ගිබියාවෙහි සිටි සාවුල් ළඟට අවුත්, “දාවිත් අපේ ප්‍රදේශයේ පාළුකරයට දකුණෙන් තිබෙන හකීලා නම් කැළෑවේ සැඟවී සිටී;


ශීප් ද තෙලෙම් ද බෙයාලොත් ද


රූබන්, ඔබ මාගේ කුලුඳුලා ය, ඔබ මාගේ බල විකුම ය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය ඔබ ය. ඔබ උදාරත්වයෙන් අගතැන්පත් වේ. බල මහිමෙන් මුදුන්මල්කඩ වේ.


ෂල්ලුම්ට දාව ජෙකමියා උපන්නේ ය; ජෙකමියාට දාව එලිෂාමා උපන්නේ ය.


හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ ෂෙමා ය.


කෙයිලා ද අක්ශීබ් ද මරේෂා ද යන නගර නවය සහ ඒවායේ ගම් ද යන මේවා ය.


මායොන් ද කර්මෙල් ද ශිප් ද ජුතා ද


හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: ජෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්