Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 18:3 - Sinhala New Revised Version

3 තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 තවද ශෝබාහි රජවූ හදර්එසෙර් ප්‍රාත් ගඟ ළඟ තමාගේ බලය පිහිටුවන්ට යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහරදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 18:3
11 හුවමාරු යොමු  

ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා


තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.


තවද, රෙහෝබ්ගේ පුත්‍රයා ද ශෝබාහි රජු ද වන හදද්-එශෙර් යුප්‍රටීස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිත් ඔහුටත් පහර දී,


ඔහු මෝවබ්වරුන්ටත් පහර දුන්නේ ය. මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනා හ.


රථ දහසක් ද අසරුවන් සත්දහසක් ද පා බළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරු කරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කපා අබලම් කෙළේ ය.


සලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත් කර ගත්තේ ය.


තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත.


අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.


ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක; කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව.


නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.


සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්