Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 18:1 - Sinhala New Revised Version

1 මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 18:1
8 හුවමාරු යොමු  

ඒ ගැන ගාත්හි නො‍කියන්න; අෂ්කෙළො‍න් වීදිවල පළ නො‍කරන්න; එසේ කළො‍ත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.


දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය.


එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා තමන් ළඟට රැස් කර, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන අප කුමක් කළ යුතු දැ”යි විමසූ හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගාත් නගරයට ගෙන යන්නැ”යි කී හ. ඒ කී ලෙස ඔව්හු ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එහි ගෙන ගියහ.


එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”


ඔහු මෝවබ්වරුන්ටත් පහර දුන්නේ ය. මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනා හ.


පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.


ගාත්, මාරේෂා, ශීප්;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්