Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 17:7 - Sinhala New Revised Version

7 “එබැවින් මාගේ මෙහෙකරු වන දාවිත්ට මෙසේ කියන්න; ‘සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක: මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා නුඹ වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් රැකබලාගැනීමෙන් ද මම නුඹ වෙන් කොට ගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 “එබැවින් මාගේ මෙහෙකරු වන දාවිත්ට මෙසේ කියන්න; ‘සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක: මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා නුඹ වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් රැකබලාගැනීමෙන් ද මම නුඹ වෙන් කොට ගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එබැවින් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියව–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා නුඹ වෙන පිණිස තෘණබිමෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද මම නුඹ අහක්කොට ගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:7
13 හුවමාරු යොමු  

දාවිත් මීකල්ට කතා කොට, “එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි.


“එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.


මාගේ සෙනඟ පාලනය කරන්න මා විසින් අණ කරන ලද ඉශ්රායෙල් වීර නායකයන්ගෙන් යමෙකුට කතා කොට, නුඹලා මට කිහිරි ලී මාලිගාවක් ගොඩනොනැඟුවේ මක්නිසා ද යන වචනයක් සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි මා ආ ගිය කොයි ස්ථානයක දී වත් කීවෙම් ද?’


නුඹ ගිය හැම තැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් පන්නා දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ යසෝ කීර්තිය වැනි යසෝ කීර්තියක් නුඹට දෙන්නෙමි.


එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ “යි ඔහුට කී හ.


සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද එසේ ම විස්මිත වූ හ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින්, “බිය නොවන්න, මෙ‍තැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැ”යි වදාළ සේක.


දාවිත් වනාහි බෙත්ලෙහෙම්හි තමාගේ බැටළුවන් බලා ගන්න පිණිස සාවුල් වෙතින් ඔබමොබ ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්