Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 17:14 - Sinhala New Revised Version

14 මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ “යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මාගේ ගෘහයෙහිද මාගේ රාජ්‍යයෙහිද ඔහු සදාකාලේටම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:14
7 හුවමාරු යොමු  

මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර,


මේ සියලු වචන ද මේ මුළු ප්‍රකාශනය ද නාතාන් දාවිත්ට දැන්වී ය.


මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.


එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!


ඔහුගේ පෙළපත සදහට ම පවතින්නේ ය; ඔහුගේ සිහසුන මා අබියස හිරු මෙන් බබළන්නේ ය.


එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්