Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 14:16 - Sinhala New Revised Version

16 දාවිත් දෙවියන් වහන්සේ අණ කළ ලෙස කෙළේ ය. ඔව්හු ගිබියොන් සිට ගෙශෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 දාවිත් දෙවියන් වහන්සේ අණ කළ ලෙස කෙළේ ය. ඔව්හු ගිබියොන් සිට ගෙශෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 දාවිත් දෙවියන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු ගිබියොන් සිට ගෙසෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 14:16
12 හුවමාරු යොමු  

මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.


ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.


මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය.


උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.


මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;


ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.


දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.


තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි ශබ්දයක් නුඹට ඇසෙන විට සටනට පිටත් ව යන්න. මන්ද, එවිට දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන්න නුඹට පෙරටුවෙන් පිටත් ව යන සේකැ”යි ඔහුට වදාළ සේක.


දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළ වී ගියේ ය. සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ සේක.


සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස, පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අබිරහස් ක්‍රියාවකි.


ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්