Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 13:11 - Sinhala New Revised Version

11 සමිඳාණන් වහන්සේ උශ්ශාට දුන් හදිසි පහර නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අර්ථය ඇති පෙරෙෂ්-උශ්ශා යන නාමය තැබී ය. ඒ නාමය අද දක්වා ඊට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සමිඳාණන් වහන්සේ උශ්ශාට දුන් හදිසි පහර නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අර්ථය ඇති පෙරෙෂ්-උශ්ශා යන නාමය තැබී ය. ඒ නාමය අද දක්වා ඊට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ස්වාමීන්වහන්සේ උස්සාට කළ හදිසි පහර දීම නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට පෙරෙෂ්-උස්සා යන නාමය තැබීය, ඒ නාමය අද දක්වා ඊට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 13:11
11 හුවමාරු යොමු  

මේ සිද්ධිය නිසා ඉශ්රායෙල් ජනතාව කලවා සන්ධිය මත වූ මස් ගොබය අද දක්වා අනුභව නොකරති. ඒ මන්ද, ජාකොබ් පහර ලද්දේ කලවයේ එම සන්ධියට බැවිනි.


එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය.


ඒ දවසේ දී දාවිත් සමිඳාණන් වහන්සේට භය ව, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ”යි කීවේ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවුළුණේ ය. ඔහු ගිවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහි දී දෙවියන් වහන්සේ ඉදිරියෙහි මළේ ය.


ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.


පළමු වතාවේ දී එය ගෙනා අය ඔබ හැම නොවූ බැවින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට පහර දුන් සේක. මන්ද, නියෝගය ලෙස අපි උන් වහන්සේ නොසෙවුවෙමු”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේ වන මා සමීපයට එන පූජකවරුන් ද පවිත්‍ර වීමේ වත්පිළිවෙත් ඉටු කළ යුතු ය. නැත්නම් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක.


එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.


උන් වහන්සේ බෙත්-පෙයො‍්ර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති.


ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්