Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:15 - Sinhala New Revised Version

15 මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මොව්හු පළමුවෙනි මාසයේ, යොර්දානේ වතුර එහි සියලු ඉවුරු උඩින් ගලා තිබියදී, එගොඩවී නැගෙනහිරත් බස්නාහිරත් මිටියාවත්වල වාසයකළ සියල්ලන් එළවාදැම්මෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:15
5 හුවමාරු යොමු  

ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, තමන්ගේ පාද ගොඩබිම තැබූ කෙණෙහි ම ගඟේ දිය ආපසු ගලා ඇවිත් පෙර ලෙස ගං ඉවුරු තළා ගලා ගියේ ය.


ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද?


සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද? අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?


බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්