Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:8 - Sinhala New Revised Version

8 ඔහු මිල්ලෝ නම් ස්ථානයෙන් පටන් ගෙන ඊට ආසන්න ප්‍රදේශය ම වටකර නුවර ගොඩනැඟුවේ ය. ජෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔහු මිල්ලෝ නම් ස්ථානයෙන් පටන් ගෙන ඊට ආසන්න ප්‍රදේශය ම වටකර නුවර ගොඩනැඟුවේ ය. ජෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔහු මිල්ලෝ පටන් වටකරින්ම නුවර ගොඩනැගුවේය. යෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:8
8 හුවමාරු යොමු  

ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, “මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය.


ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්‍රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ.


ඔහු රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ මෙලෙස ය: සලමොන් මිල්ලෝ ගොඩනඟමින් ද තම පිය දාවිත්ගේ නුවර ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරමින් ද සිටියේ ය.


සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.


එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”


ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය.


දාවිත් බලකොටුවෙහි වාසය කෙළේ ය. ඒ නිසා ඊට දාවිත්ගේ නුවර යයි නම් කෙළේ ය.


දාවිත් වඩ වඩා උසස් වූයේ ය. සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්