Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:3 - Sinhala New Revised Version

3 මෙලෙස ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙත පැමිණියා හ. දාවිත් ද හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට අභිෂේක කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මෙලෙස ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙත පැමිණියා හ. දාවිත් ද හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට අභිෂේක කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මෙලෙස ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙතට පැමිණියාහ; දාවිත්ද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය; ඔව්හු ස්වාමීන්වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට ආලේපකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:3
15 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.


මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය.


තවද, ජුදාහි සෙනඟ අවුත් එහි දී දාවිත් ජුදා වංශයේ රජු වශයෙන් අභිෂේක කළහ. “සාවුල් තැන්පත් කරනු ලැබුවේ ජාබෙෂ්-ගිලියද් මිනිසුන් විසින් ය”යි දාවිත්ට දන්වන ලද්දේ ය.


ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක.


මුළු සභාව දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි රජු හා සමඟ ගිවිසුමක් කරගත්තා ය. ජෙහෝයාදා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජකමට පත් විය යුතු ය.


ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ‍ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.


සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය;


සමිඳාණන් වහන්සේ මා ලවා ප්‍රකාශ කරවූ හැටියට ඉෂ්ට කළ සේක. සමිඳාණන් වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වැසියා වන දාවිත්ට දුන් සේක.


ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.


සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.


සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.


එවිට ජෙප්තා ගිලියද්හි ප්‍රජා මූලිකයන් සමඟ නික්ම ගියේ ය. සෙනඟ ඔහු තමන්ගේ ප්‍රධානියා ද අධිපතියා ද කරගත්හ. ජෙප්තා මිශ්පාහි දී ඔහුගේ සියලු කොන්දේසි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.


ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.


ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්