Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 1:32 - Sinhala New Revised Version

32 ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්‍රයෝ මොවුහු ය: ඈ ශිම්රාන්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. ජොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්‍රයෝ මොවුහු ය: ඈ ශිම්රාන්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. ජොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 ආබ්‍රහම්ගේ උපභාර්යාවවූ කෙතුරාගේ පුත්‍රයෝ මොව්හුය: ඈ ශිම්රාන්, යොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා බිහිකළාය. යොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 1:32
19 හුවමාරු යොමු  

දෙදාන් නුඹ සමඟ වටිනා සෑදල පිළී හුවමාරු කළහ.


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත.


දෙදාන් වැසියෙනි, දුවන්න; හැරී දුර බැහැරට ම ගොස් වාසය කරන්න. මන්ද, මා විසින් ඒසව්ගේ පරපුරට දඬුවම් කරනු ලබන කාලය පැමිණ තිබෙන බැවින් මම ඔවුන් විනාශ කරදමමි.


දෙදාන්, තෙමාන් හා බුස් යන නගරවලටත්, තමන්ගේ ඉසකේ කොටට කපන සියල්ලන්ටත්,


ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.


අරාබිය ගැන දේව ප්‍රකාශනය මෙසේ ය: තවලම් කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පාළු ප්‍රදේශයේ නුඹලා කඳවුරු බැඳගෙන සිටින්නහු ය.


එතුමා චිරාත් කාලයක් ජීවත් වේ වා! ෂෙබාහි රත්රන් එතුමාට පුදනු ලැබේ වා! නිරතුරු එතුමා උදෙසා අයැදුම් කරනු ලැබේ වා! දවස පුරා ආසිරි පතනු ලැබේ වා!


තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;


තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය; ෂෙබාහි මඟියෝ වතුර බලාපොරොත්තු වූ හ.


ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.


“මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක.


එවිට, මෝසෙස් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ හඬ හඬා සිටිය දී, ඔවුන්ට පෙනෙන්නට ම, එක් ඉශ්රායෙල් ජාතිකයෙක් මිදියන් ජාතික ස්ත්‍රියක තම සොහොයුරන් වෙත කැඳවාගෙන ආයේ ය.


මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.


ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා ය. මොවුහු ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ ය.


මිදියාන්ගේ පුත්‍රයෝ නම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්