Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:50 - Sinhala New Revised Version

50 ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට ඔබට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු අපරාධවලට කමා වී, ඔවුන් වහල්කමට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පා කරනු ලබන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබා දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට ඔබට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු අපරාධවලට කමා වී, ඔවුන් වහල්කමට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පා කරනු ලබන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබා දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

50 ඔබට විරුද්ධව පව්කළ ඔබගේ සෙනඟ ඔබට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අපරාධවලට ඔවුන්ට කමාවී, ඔවුන් වාලට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පාකරන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබාදුනමැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:50
13 හුවමාරු යොමු  

ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.


මන්ද, ඔබ සමිඳාණන් වහන්සේ වෙත හැරුණොත්, ඔබේ සහෝදරයන් ද දරුවන් ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනු ඇත. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි; ඔබ උන් වහන්සේ වෙත හැරුණොත්, උන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්න සේකැ”යි කීවෝ ය.


සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය.


මිනිසෙකුගේ කල්ක්‍රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.


අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.


මේ එස්රා බබිලෝනියේ සිට පැමිණි කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන මනා දැනීමක් ඇති නීතිවේදියෙකි. ඔහු කෙරෙහි ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය තිබුණු බැවින් ඔහු ඉල්ලූ සියල්ල රජතුමා ඔහුට දුන්නේ ය.


තවද, මම මිසර දේශ වාසීන් ඉදිරියෙහි මේ සෙනඟට අනුග්‍රහය පාන්නෙමි. එබැවින් නුඹලා පිටත් වී යන විට හිස් අතින් නොයන්නහු ය.


ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.


උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය.


මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්