Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 6:5 - Sinhala New Revised Version

5 ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 6:5
26 හුවමාරු යොමු  

ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.


මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.


පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් කරඬුවෙන් පිට දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේ ය. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ.


පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය.


දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ සැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන් රුක් ද, ඒවායේ පහන් ද,


දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩ ඔලීව ලීවලින් ඔහු දොරවල් සෑදුවේ ය. උළුවස්සේ ඉහළ පඩිය ද උළුවහු කණු ද බිත්තියෙන් පහෙන් කොටසක් විය.


ඉක්බිති ඔහු මා පිටතින් ඇතුළු මළුවට කැඳෙව්වේ ය; ඇතුළු දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුළු මළුවේ ගී ගයන්නන්ගේ කාමර දෙකක් තිබුණේ ය. ඒවා එකක් දකුණු දෙසට විය. අනික පෙරදිග දොර ළඟ උතුරු දිගට විය.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.


මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?


ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.


අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,


එකල හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් පිළියෙළ කරන්න අණ කෙළේ ය. ඔව්හු එසේ පිළියෙළ කොට,


එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,


මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ රොටි ද


මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ.


මෝසෙස් සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ සැම විට ම, එහි ගිවිසුම් කරඬුව මත කෙරුබ්වරුන් දෙදෙනා මැද තිබූ කරුණාසනයෙන් නික්මුණු කට හඬක් ඔහුට ඇසිණි. ඔහු උන් වහන්සේ සමඟ කතා කෙළේ ය.


“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.


මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”


උඩුමහෙල් පහත ම තට්ටුවේ පළල මීටර් දෙකයි දශම දෙකකි. මැද එකේ පළල මීටර් දෙකයි දශම හතකි; තුන් වන එකේ පළල මීටර් තුනයි දශම එකකි. මාලිගාවේ බිත්තිවලට බාල්ක ඇතුළු නොකරන පිණිස පිටින් වටේට ම මාලිගාවේ බිත්තිවල තැනින් තැන පටු කළ කපොලු සෑදුවේ ය.


“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.


ඔහු මාලිගාවට ඉදිරිපිටින් එහි දිගට මීටර් දහයක් ද පළලට මීටර් දහයක් ද මැන, ‘මෙය අතිශුද්ධස්ථානය’යි මට කීවේ ය.


එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්