Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 22:30 - Sinhala New Revised Version

30 ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් වළාගෙන යුද්ධයට පැමිණෙමි. එහෙත්, ඔබ ඔබේ ම වස්ත්‍ර පැළඳගත මැනවැ”යි කීවේ ය. එසේ ඉශ්රායෙල් රජ වෙස් වළාගෙන යුද්ධයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් වළාගෙන යුද්ධයට පැමිණෙමි. එහෙත්, ඔබ ඔබේ ම වස්ත්‍ර පැළඳගත මැනවැ”යි කීවේ ය. එසේ ඉශ්රායෙල් රජ වෙස් වළාගෙන යුද්ධයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ඉශ්‍රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට පැමිණෙමි; නුමුත් ඔබ ඔබගේම වස්ත්‍ර පැළඳගත මැනවැයි කීවේය. එසේ ඉශ්‍රායෙල් රජ වෙස් මාරුකරගන යුද්ධයට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:30
10 හුවමාරු යොමු  

එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නො‍ගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී,


ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි.


එවිට දිවැසිවරයා පිටත් ව තමාගේ හිස්වැස්මෙන් ඇස් බැඳගෙන, වෙස්මාරු කරගෙන, රජු එනතෙක් මඟ බලා සිටියේ ය.


ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජකීය වස්ත්‍ර පැළඳගෙන, සමාරියේ වාසල් දොරටුවෙන් පිටත එළිමහන් තැනක තම තමන්ගේ සිංහාසනවල වාඩි වී සිටියෝ ය. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැස් වැකි කී හ.


ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් මාරු කරගෙන යුද්ධයට යන්නෙමි. එහෙත්, ඔබ ඔබේ වස්ත්‍ර හැඳගත මැනව”යි කීවේ ය. මෙසේ ඉශ්රායෙල් රජ වෙස් මාරු කරගත් පසු ඔව්හු සටනට ගියෝ ය.


එහෙත්, ජොෂියා, නෙකෝ කී දෙවියන් වහන්සේගේ වචනය නොඅසා, ඔහු වෙතින් අහක් ව නොගොස්, ඔහු සමඟ යුද්ධ කරන පිණිස, වෙස් මාරුකරගෙන මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමිණියේ ය.


මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?


සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගෙන මිනිසුන් දෙදෙනකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රිය වෙත පැමිණ, ඈට කතා කොට, “ආත්මබන්ධනයෙන් මට පේන කියා, මා ඔබට නම් කරන ආත්මය කැඳවන්නැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්