Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:14 - Sinhala New Revised Version

14 මීකායා ද කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා දිවුරා කියන්නේ, උන් වහන්සේ මට කියන දේ ය”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මීකායා ද කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා දිවුරා කියන්නේ, උන් වහන්සේ මට කියන දේ ය”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:14
19 හුවමාරු යොමු  

“බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද?


එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය.


මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි.


ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු.


බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් අපි, දෙවියන් වහන්සේගේ වචනය වංචනික ලෙස භාවිතා නොකොට, අවංක ව ද දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස ද උන් වහන්සේ ඉදිරියෙහි අපි ප්‍රකාශ කරමු.


එවිට දිවැසිවර ජෙරමියා, “ඔබ හැම කී දේ ඇසීමි; ඔබේ ඉල්ලීම අනුව ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කොට, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිළිතුර කිසිවක් නොසඟවා ඔබට දන්වන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.


සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?


එලියා පිළිතුරු දෙමින්, “මම ඒකාන්තයෙන් ඔහු ඉදිරියෙහි පෙනී සිටින්නෙමි යි මා වැඳුම්පිදුම් කරන සියලු බලැති ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය.


එවිට බාලාම් උත්තර දෙමින්, “මෙන්න, මම ඇවිත් සිටිමි. එහෙත්, යමක් කීමට මට ඇති බලය කුමක් ද? දෙවියන් වහන්සේ මට කියන දේ පමණක් මම ඔබට දන්වමි”යි සැළ කෙළේ ය.


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචන එක ලෙස රජුට ප්‍රසන්න දේ පවසයි. ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචනය මෙන් කල්තියා ජය අත්වනු පිණිස කියන්නැ”යි දැන්වී ය.


ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අද රෑ මෙහි නවතින්න. සමිඳාණන් වහන්සේ මට කියන ලෙස මම යළි ඔබට දන්වන්නෙමි”යි කී ය. මෝවබ්හි ප්‍රජා මූලිකයෝ ද බාලාම් සමඟ නවාතැන් ගත්හ.


දිවැසිවර ජෙරමියා මේ සියලු දේ ජෙරුසලමේ දී ජුදාවේ රජු වූ ශෙදෙකියාට කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්