Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:7 - Sinhala New Revised Version

7 එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු ප්‍රජා මූලිකයන් කැඳවා, “මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න, ඔහු මාගේ භාර්යාවන් ද මාගේ දරුවන් ද මාගේ රන් රිදී ද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකීවෙමි”යි දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු ප්‍රජා මූලිකයන් කැඳවා, “මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න, ඔහු මාගේ භාර්යාවන් ද මාගේ දරුවන් ද මාගේ රන් රිදී ද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකීවෙමි”යි දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එවිට ඉශ්‍රායෙල් රජ දේශයේ සියලු වැඩිමහල්ලන් කැඳවා: මේ මනුෂ්‍යයා නපුරක් සොයන හැටි කල්පනාකර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්ට බැරිය කියා මම නොකීවෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:7
18 හුවමාරු යොමු  

ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, “මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය.


මේ රජවරු දෙදෙනා ම වංචා සහගත සිත් ඇති ව එක මේසයේ හිඳගෙන ඔවුනොවුන්ට බොරු කියන්නෝ ය. එහෙත්, එයින් කිසි වැඩක් වන්නේ නැත. මන්ද, නියමිත කාලයක් පැමිණෙන්නට තිබෙන බැවිනි.


ඔවුන්ගේ සිතේ එක ම අරමුණ සැහැසිකමක් කිරීම ය; ඔවුන්ගේ එක ම කතාව නපුරක් කිරීම ය.


යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි; එහෙත් නපුර සොයන්නා නපුර ම ලබයි.


දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති; එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ.


ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.


ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.


මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?


ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.


එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.


අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය. මොවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”


දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ පංතිවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.


දාවිත් සහශ්‍රාධිපතින් ද ශතාධිපතින් ද සියලු නායකයන් ද සමඟ මන්ත්‍රණය කරමින්,


එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන් වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය.


ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි. ඔවුන් ඔබේත්, ඔබේ සේවකයන්ගේත් ගෙවල් සෝදිසි කර, ඔබට ප්‍රසන්න වන සියල්ල ම ඔවුන්ගේ අතට ගෙන එනු ඇත කියා බෙන්‍-හදද් කියන්නේ ය”යි සැළ කළහ.


සියලු ප්‍රජා මූලිකයෝ ද මුළු සෙනඟ ද කතා කොට, “ඔබ ඇහුම්කන් නුදුන මැනව; ඊට එකඟ නූණ මැනව”යි ඔහුට කී හ.


ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්