Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 2:38 - Sinhala New Revised Version

38 ෂිමෙයි ද, “ඒ කීම යහපත, මා ස්වාමීන් වන රජතුමා කී ලෙස ම ඔබේ මෙහෙකරුවා කම කරන්නේ ය”යි රජුට කීවේ ය. එසේ ෂිමෙයි ජෙරුසලමෙහි බොහෝ‍ කාලයක් විසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 ෂිමෙයි ද, “ඒ කීම යහපත, මා ස්වාමීන් වන රජතුමා කී ලෙස ම ඔබේ මෙහෙකරුවා කම කරන්නේ ය”යි රජුට කීවේ ය. එසේ ෂිමෙයි ජෙරුසලමෙහි බොහෝ‍ කාලයක් විසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 ෂිමෙයිද: ඒ කීම යහපත; මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී ලෙසම ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. එසේ ෂිමෙයි යෙරුසලමෙහි බොහෝ දවස් විසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:38
5 හුවමාරු යොමු  

එවිට හෙසකියා, “ඔබ කී සමිඳාණන්ගේ වචනය යහපත් ය”යි යෙසායාට කී ය. තවද, ඔහු “සාමදානයත්, ආරක්ෂාවත් මාගේ ජීවිත කාලයේ දී ඇත්නම් හොඳ‍ නොවේ දැ”යි යෙසායාට කී ය.


ඉශ්රායෙල් රජ ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔබේ කීම ප්‍රකාර මමත්, මට ඇති සියල්ලත් ඔබට අයත් වෙමු”යි උත්තර දුන්නේ ය.


ඔබ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එතෙර වන දවසේ දී ඔබ නසිනවා ම ඇතැ යි දැනගන්න. ඇරත්, ඔබේ මරණය සම්බන්ධ ව ඔබ ම වැරදිකරු වනු ඇතැ”යි ඔහුට කීවේ ය.


එහෙත්, තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වහල්ලු දෙදෙනෙක් ගාත් නම් ස්ථානයෙහි රජු වන මයකාගේ පුත් ආකීෂ් වෙත පලා ගියෝ ය. එවිට, “ඔබේ වහල්ලු ගාත්හි සිටිති”යි ෂිමෙයිට දන්වන ලදී.


ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. මමත් සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේ ම සැබෑ දෙවියන් වහන්සේ වන සේක් වා!”යි කීවේ ය. මුළු සෙනඟ උත්තර දෙමින්, “ඒ කීම යහපතැ”යි කීවෝ‍ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්