Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:3 - Sinhala New Revised Version

3 ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹේ අතින් රොටි දසයක්ද බැදපු කැවුම්ද මීපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වේද කියා ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:3
11 හුවමාරු යොමු  

තවද, බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් යව රොටි විස්සක් ද අලුත් ගොයම් කරල් ද තමාගේ මල්ලේ දමාගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වෙත ගෙනාවේ ය. ඔහු ද, “සෙනඟට කන්න දෙන්නැ”යි කී ය.


රජ ද, “මා සමඟ ගෙදරට පැමිණ විඩා හැරගන්න; ඔබට තුටු පඬුරක් දෙමි”යි ඒ මනුෂ්‍යයාට කීවේ ය.


එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.


එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය.


සිරියාවේ රජ ද, “ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි”යි කී ය. ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය.


තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය.


එක් ස්ත්‍රියක් ඉතා අගනා සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන උන් වහන්සේ වෙතට අවුත්, කෑමට හිඳගෙන හුන් උන් වහන්සේගේ හිස මත වත් කළා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්