Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 13:9 - Sinhala New Revised Version

9 මන්ද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට මෙසේ අණ කොට, ‘නුඹ කිසිවක් කන්න වත්, වතුර බොන්න වත්, ආ මගින් හැරී යන්න වත් එපා ය’කියා මට දන්වන ලද්දේ ය”යි රජුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මන්ද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට මෙසේ අණ කොට, ‘නුඹ කිසිවක් කන්න වත්, වතුර බොන්න වත්, ආ මගින් හැරී යන්න වත් එපා ය’කියා මට දන්වන ලද්දේ ය”යි රජුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට මෙසේ අණකොට–නුඹ කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ ආ මගින් හැරී යන්ටවත් එපාය කියා මට කියන ලද්දේයයි රජුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 13:9
19 හුවමාරු යොමු  

සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.


මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.


ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.


මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.


එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි.


ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින්පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,


සාමුවෙල් පිළිතුරු දෙමින්, “හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය.


මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය.


තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.


අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.


එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.


එවිට ඒ මනුෂ්‍යයා, “ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි. මේ ස්ථානයේ දී මා කිසිවක් කන්නේ වත්, වතුර බොන්නේ වත් නැත.


මෙසේ ඔහු බෙතෙල් නගරයට පැමිණි මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේ ය.


ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ සමඟ හැරී එන්න වත්, ඔබේ ගෙදරට ඇතුළු වන්න වත් මට නොපිළිවන. මේ ස්ථානයේ දී ඔබ සමඟ කෑම නොකමි, වතුර ද නොබොමි.


එවිට ඔහු මේ තැනැත්තා සමඟ ආපසු ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්